November 4, 2024
asianewsplusone.com sfmnewslk.com
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි හඩ පක්ෂයේ පොස්ටර් සහ අත්පත්‍රිකා දහසකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබු ත්‍රිරෝද රථයක් රියදුරු සමග (03) දින පස්වරුවේ ලිදුල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් සිට නුවරඑලිය දක්වා එම පොස්ටර් සහ අත්පත්‍රිකා ප්‍රවාහනය කරමින් තිබියදි හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල ලැමරියර් වත්ත ප්‍රදේශයේදි සැක සහිත ත්‍රිරෝද රථය නතර කර පරික්ෂා කිරිමේදි එම පක්ෂයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අනුෂ්කා චන්ද්‍රසේකරන් අපෙක්ෂිකාවගේ මනාප අංක සහිත පොස්ටර් සහ අත් පත්‍රිකා තොගයක් තිබි හමුවු බවයි ලිදුල පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.
අත්අඩංගුවට ගත් පොස්ටර් සහ අත්පත්‍රිකා නුවරඑලිය ප්‍රදේශයට රැගෙන ගොස් වතු ආශ්‍රිත ප්‍රදේශවල ප්‍රදර්ශනය කිරිමටත් සැලසුම් කර තිබු බවට දැනට කර ඇති මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත.
අත්අඩංගුවට ගත් රියදුරු, ත්‍රිරෝද රථය, පොස්ටර් සහ අත්පත්‍රිකා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරපත් කිරිමට නියමිතය.



