November 3, 2024

ජන අරගල සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් අපේක්ෂක අබ්දුල් මජීඩ් ඊබ්‍රහිම්ට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ආධාරකරුවකු විසින් සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික් මැතිවරණය කාර්‍යාලයට පැමිණිල්ලක් සිදුකර තිබේ.

පහරදුන් අය කබීර් තැනැත්තකු බවට හඳුනාගෙන ඇත.

කබීර් නැමැත්තා ඊයේ (2) ඔහුට පහරදීමට අමතරව ඔහුගේ මවටද නුසුදුසු වචනයෙන් බැණ වැදී ඇත.

පහර කෑමට ලක්වූ අබ්දුල් මජීඩ් එරාවූර් ප්‍රදේශයේ උපන් අයෙකි.

තුවාල ලැබූ ඔහු චෙන්කලඩි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මඩකලපු රෝහලට මාරුකර යවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන එරාවුර් පොලිසිය පහර කෑමට ලක්වූවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *