ඊශ්‍රායලයට සහ අමෙරිකාවට දැඩි අනතුරු ඇඟවීමක්

November 3, 2024

asianewsplusone.com sfmnewslk.com

මීට සතියකට පෙර ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස අමෙරිකාවට සහ ඊශ්‍රායලයට නිසැකවම දැඩි ප්‍රතිචාරයක් හිමිවනු ඇතැයි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබේ.

කමේනි මෙම අදහස් පළ කළේ 1979 වසරේදී ටෙහෙරානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය අල්ලා ගැනීමේ 45 වැනි සංවත්සරයට සමගාමීව පැවති උත්සවයකට එක්වෙමිනි.

කමේනි මෙම තර්ජනය සිදු කර ඇත්තේ පසුගිය මාසයේ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න ඉරානය තක්සේරු කරමින් සිටින පසුබිමකදීය.

ඉකුත් සතියේ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් සොල්දාදුවන් සිව් දෙනෙකු මිය ගිය බව ඉරානය ප්‍රකාශ කර තිබිණි.

ඊශ්‍රායලය එම ප්‍රහාරය එල්ල කළේ ඉරානය ඔක්තෝබර් පළමුවැනිදා එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙසයි.

ඊශ්‍රායලයට එරෙහිව සටන් වදින ඉරාන පිටුබලය ලබන සන්නද්ධ කණ්ඩායම් වන හිස්බුල්ලා සහ හමාස් සංවිධාන නායකයන් සහ ඉරානයේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියකු ඝාතනය කිරීමට ප්‍රතිචාරයක් වශයෙන් ඉරානය ඊශ්‍රායලයට පහර දී තිබිණි.

ඉරානයට ලැදි සටන්කාමී කණ්ඩායම් අතරට ලෙබනනයේ හිස්බුල්ලා, යේමනයේ හූති, ඉරාකයේ සහ සිරියාවේ සන්නද්ධ කණ්ඩායම් ඇතුළත් වේ.

බොහෝ බටහිර රාජ්‍යයන් විසින් ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස නම් කර ඇත.

ගාසාහි හමාස් සංවිධානය ද ඉරානයේ සහාය ලබමින් ක්‍රියාත්මක වේ.

ඔක්තෝබර් 26 ප්‍රහාරයෙන් ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති සහ මිසයිල ධාරිතාවට දැඩි හානි සිදු කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළ ද එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *