November 3, 2024
asianewsplusone.com sfmnewslk.com
මහින්දානන්දගේ අනුරාධගේ පෝස්ටර් මාස ගණන් ලයිට් කණුවල!
පොලිසි වල නම් කිව්වොත් ඔවුන්ට හොද නැහැ:මේ පිරිස හිතාගෙන ඉන්නේ ජනතාව ගෙදර යවපු අය තාමත් නායකයෝ කියලා!
මහනුවර ඇතැම් පොලිස් ස්ථානාධිපති වරුන්ගේ හැසිරීම් පිළිබඳව තමන්ට නිරතුරුව තොරතුරු ගලා එන බවද ඔවුන්ගේ බුද්ධි අංශ වලට වඩා ශක්තිමත් බුද්ධි අංශයක් තිබෙන බවද එම පොලිස් නිළධාරීන් මහනුවර නායකයෙක් ලෙස සිතා සිටින පිරිස ජනතාව ගෙදර යවා අවසන් බැවින් දැන් තිබෙන්නේ අනුව කුමාර දිසානායකගේ ආණ්ඩුවක් බව ඔවුන් සිහි තබා ගත යුතු බවද ජාතික ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක කේ.ඩී.ලාල් කාන්ත මහතා පැවැසීය .
ජනතාවගේ වෛරයට ලක් වෙන බැවින් තමන් එම පොලිස් ස්ථාන වල නම් ප්‍රසිද්ධ නොකරන බවද ඒ මහතා පැවැසීය
මහ මැතිවරණයට තරග කරන ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයින් දිරි ගැන්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර වේවැල්පිටිය ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ජන රැළියක් අමතමින් ලාල් කාන්ත මහතා මේ බව පැවැසීය. මෙම රැළියට විශාල ජනකායක් එක්විය
ජනරැළියක ප්‍රචාරණ කටයුතු සිදු කිරීම මැතිවරණ නීතිය අනුව නීති විරෝධී කටයුත්තක් නොවන බව ඔවුන් තේරුම් ගත යුතු යැයිද එම එම කටයුත්ත සඳහා මැතිවරණ කොමිසමෙන් අනුමැතිය ඇති බවද පැවසූ ඔහු එනිසා ඒ ආකාරයේ පෝස්ටර් වලට අත නොතියන ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දෙන බවද කියා සිටියේය.
අපේ මහනුවර ජන බලවේගයේ ප්‍රචාර ජන රැලියක ප්‍රචාරක පෝස්ටර් පොලිසිය විසින් ඉරා දාලා තිබෙනවා.
අපේ ජනරැළියේ පෝස්ටර් ඉරා දමමින් ගිය පොලිසිය මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත් පක්‍ෂවල කිහිප දෙනෙකුගේ පෝස්ටර් සති ගණන් තිබියදී බලා සිටිනවා.වහාම ඔය වැඩේ නවත්වන්න.නීතිය හරියට කරන්න.




