විදෙස් කාන්තාවක් ඇමති විජිතටයි ලංකාවටයි තෑන්ක්යූ කියයි


November 2, 2024

asianewsplusone.com sfmnewslk.com

අැමේනියානු ජාතික කාන්තාවකගේ අස්ථානගත වූ ගමන් මල්ල සොයා දීමට මැදිහත්වීම සම්බන්ධයෙන් එම කාන්තාව විජිත හේරත් ඇමැතිවරයාට සහ ආණ්ඩුවට ප්‍රශංසා කර තිබේ.

පසුගිය ඔක්තෝබර් 20 දින අංක GP502 ගුවන් යානයෙන් සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ආමේනියානු ජාතික Grigoryan Marin නම් තරුණ කාන්තාව සිය ගමන් මල්ල අස්ථානගත වී ඇති බව ගුවන් තොටුපොළ බලධාරීන්ට දන්වා තිබිණි.

බලධාරීන් විසින් ගුවන් තොටුපොළ පොලීසියට දන්වා පොලිස් පරීක්ෂක වසන්ත කුමාරගේ මූලිකත්වයෙන් ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර මෙම ගමන් බෑගය වෙනත් අයකු විසින් රැගෙන ගිය බව හඳුනාගෙන ඇත.

එම ගුවන්යානයේම පැමිණි බදුල්ල ප්‍රදේශයේ කාන්තාවක් එය රැගෙන ගොස් තිබූ අතර මහත් පරිශ්‍රමයක් දරා ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මීගමුව අධිකරණය විසින් සොරකම කළ කාන්තාවට නියෝග කර තිබුණේ ආමේනියානු ජාතික කාන්තාවට රුපියල් ලක්ෂ 06ක වන්දියක් ගෙවන ලෙසයි.

එය දෙවරක දී ගෙවා ඇති බව ගුවන් තොටුපළ සංචාරක පොලිසිය සඳහන් කර තිබේ.

මෙම සොරකම පිළිබඳ මෙතරම් කාර්යක්ෂමව ක්‍රියාත්මක වී තම බෑගය ඉක්මනින් ලබා දීමට කටයුතු කිරීම ගැන ගුවන්තොටුපළ සංචාරක පොලිසීයට හා කාර්ය මණ්ඩලයට අදාළ කාන්තාව විශේෂ වීඩීයෝවක් නිකුත් කරමින් ස්තූතිය පළ කර ඇත.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *