පාටි දමා ඡන්ද වැඩ කළ අයට ඡන්දෙන් පස්සේ නිතිය ක්‍රියාත්මක වේ

November 2, 2024

මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර විශාල වශයෙන් ජනතාව හෝටල්වලට රැස්කර සංග්‍රහ කළ අපේක්ෂකයන් ඉදිරි මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වුවහොත් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීමට අවධානය යොමු වී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසන්නේ ඡන්ද දායකයන්ට සංග්‍රහ කිරීම මත මන්ත්‍රී ධුර අහෝසි කෙරුණු අවස්ථා ඉතිහාසයේ ද දැකිය හැකි බවයි.

අතීතයේ ඡන්ද දායකයකුට තේ කෝප්පයක් දීම හේතුවෙන් මන්ත්‍රී ධුරය අහෝසි වූ අවස්ථාවක්ද සඳහන් වන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද පෙන්වා දෙයි.

ඡන්දදායකයන්ට සංග්‍රහ දීම මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් මෙන්ම මුදල් නොමැති සෙසු අපේක්ෂකයන්ට කරන බරපතළ අසාධාරණයක් බව ද මැතිවරණ කොමිසම පෙන්වා දී තිබේ.

මෙම මැතිවරණ සමයේ ඡන්දදායකයන්ට සංග්‍රහ කිරීම වෙනුවෙන් සිය හෝටල් ඉල්ලා සිටින මැතිවරණ අපේක්ෂකයන්ට හෝටල් ලබා දීමෙන් වළකින ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව ප්‍රධාන පෙළේ හෝටල් ගණනාවකට ලිඛිතව දැනුම් දෙයි

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *