වී ගබඩා–පොහොර සහනාධාරය ඩිජිටල්කරණය කරන්න රජය සූදානම් වෙයි

2024/11/02
asianewsplusone.com sfmnewslk.com

මෙරට ක්‍රියාත්මක සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී (01) පස්වරුවේ පවත්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය ඒ සම්බධයෙන් මෙසේ සඳහන් කරයි.

‘සහල් මිල ස්ථාවර කිරීම, සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමේ ප්‍රවේශය සඳහා වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම හා අස්වැසුම හා අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඇතුළු සේවාවන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්විය.

ඉදිරි නව පාසල් වාරයේදී අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් වෙනුවෙන් ලබාදීමට නියමිත සහන බෙදාදීමේ වැඩසටහන සහ පොහොර සහනාධාර ලබාදීමේ වැඩසටහන ඩිජිටල්කරණය කිරීමටද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, මිලේනියම් IT සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී මහේෂ් විජේනායක යන පිරිස ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයෝ පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *