චීන රජය ශ්‍රී ලංකාව වෙත තවත් හදිසි මානුෂීය සහනාධාර තොගයක් සැපයීමට තීරණය කර තිබෙනවා.asianewsplusone.com sfmnewslk.com

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා ඊයේ(30) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළා.

ජලගැලීම් හේතුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවට ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳව චීන රජය වැඩි අවධානයක් යොමු කරන බවයි Qi Zhenhong මහතා එහිදී සඳහන් කළේ.

මෙලෙස තවත් සහනාධාර තොගයක් ලබා දීම දෙරට ජනතාව අතර මිතුදම වඩාත් පිළිබිඹු කරන්නක් පමණක් නොව, චීන රජය ශ්‍රී ලංකාවේ නව රජයට දක්වන සහාය ද සනාථ කර ඇති බව චීන තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ශක්තිමත් නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය හා ජනතාව අසීරුතා මගහරවා ගනිමින් යථා තත්ත්වයට පත් වෙතැයි ද චීන තානාපතිවරයා විශ්වාසය පළ කළ බවයි පැවසෙන්නේ.

චීන රජය හා ජනතාව තම රටට දක්වා ඇති අගනා සහහ පිළිබඳව හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය ද මෙහිදී චීන තානාපතිවරයා වෙත සිය කෘතඥ්‍යාව පළ කළා.

චීනය විශ්වාසවන්ත හා සමීප සහෝදරයෙකු මෙන් ම හවුල්කරුවෙකු බව ඉන් පිළිබිඹු වන්නේ යැයි ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය එහිදී ප්‍රකාශ කළා.
asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *