වැට් වැඩිකිරීමට අදාළ නියමය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

වැට් වැඩිකිරීමට අදාළ නියමය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
2024 අප්‍රේල් 02, ප.ව. 5:15
වැට් වැඩිකිරීමට අදාළ නියමය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය අද (02) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 36කින් සම්මත කෙරුණි.

ඒ සඳහා විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටි අතර එහිදී නියමයට පක්ෂව ඡන්ද 55ක් සහ විරුද්ධව ඡන්ද 19ක් හිමිවිය.

අනතුරුව අප්‍රේල් 24 දක්වා පාර්ලිමේන්තුව කල්තැබුණි.

මේ අතර බැංකු සංශෝධන පනත් කෙටුම්පත අද (02) පාර්ලිමේන්තුවේදී තුන්වන වර කියවා සංශෝධන රහිතව සම්මත කර ගැනුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *