සතොස හරහා අද සිට සහන මල්ලක් 2024 අප්‍රේල් අද (02) සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් සහන මල්ලක් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙනි. සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ රුපියල් 4,500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් අඩංගු මෙම සහන මල්ල රුපියල් 3,420ක් වැනි සිල්ලර මිලකට මිළදී ගැනීමට මෙහිදී අවස්ථාව ලබාදී ඇති බවය.
