වතුවල සේවකයන්ගේ දීපාවලි උත්සව අත්තිකාරම් 10,000කින් ඉහළට

රාජ්‍ය වැවිලි සමාගම විසින් ලබාදෙන දීපාවලී උත්සව අත්තිකාරම් රුපියල්10,000 කින් ඉහළට දැමීමට කටයුතු කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මීට පෙර වසරවල දී රුපියල් 10,000ක් වූ එම දීමනාව මෙම වසර තුළ දී 20,000ක් වනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

ඒ අනුව රාජ්‍ය වැවිලි සමාගමට අයත්, ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන වතු සමාගම්වල සේවකයන්ට මෙම උත්සව අත්තිකාරම හිමිවීමට නියමිතයි.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *