සර්ව ආගමික සිද්ධස්ථානයන්හි නොමිලේ සූර්යපැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක්October 27, 2024

asianewsplusone.com sfmnewslk.com

නව පුනරුද යුගයක අරුනළු සමගින් මහජන කේන්ද්‍රීය බලශක්ති ක්ෂේත්‍රයක් කරා පියනගන බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, ඉන්දීය රජයේ ‌ඩොලර් මිලියන 17 ක මූල්‍ය සහයෝගයක් සමගින්; ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව දිවයින පුරා විසිරී පවතින සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය වන පරිදි පියැසි මත ඉදිවන සූර්‍ය බල ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

මෙම ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා විසිරී පවතින පන්සල්, පිරිවෙන්, දේවස්ථාන, මුස්ලිම් පල්ලි හා හින්දු කෝවිල් යනාදී සියලුම සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය කිරීමට බලාපොරොත්තුවේ.

මෙහි පළමු අදියර යටතේ 2025 වර්ෂය මුල්භාගය වන විට ආගමික සිද්ධස්ථාන 5000 ක් ආවරණය කිරීමට අපේක්ෂා කරනු ලබන අතර එම ආගමික ස්ථානයන්හි පියැසි මත මෙම කිලෝවොට් පහක (5 kW) ධාරිතාවක් සහිත සූර්ය පැනල කට්ටල සවි කරනු ලැබේ. එමෙන්ම මෙමඟින් ආගමික සිද්ධස්ථානයන්හි විදුලිබිල අවම කිරීමට කටයුතු කරන අතර ආගමික සිද්ධස්ථානයේ විදුලි පරිභෝජනයෙන් පසු ඉතිරිවන විදුලි ඒකක ප්‍රමාණය ජාතික විදුලිබල පද්ධතියට එකතු කරනු ලැබේ.
මාසිකව එක් සූර්ය විදුලිපැනල පද්ධතියකින් විදුලි ඒකක 500 – 600 අතර ඒකක ප්‍රමාණයක් ජනනය කිරීමට නියමිතය. මෙහි පළමු අදියර යටතේ ස්ථාපිත කරන සමස්ත ධාරිතාවය මෙගාවොට් විසිපහකි (25 MW). මෙහිදී ජනනයවන ඇස්තමේන්තුගත වාර්ෂික විදුලි ඒකක ප්‍රමාණය මිලියන 37 ක් පමණ වේ.

මෙම විදුලි ඒකක ප්‍රමාණය පොසිල ඉන්ධන භාවිතයෙන් ජනනය කළේ නම් වාර්ෂිකව දැරීමට සිදුවන සාමාන්‍ය පිරිවැය රුපියල් මිලියන 2,650 ක් පමණ වේ. ඒ අනුව මෙම හරිත බලශක්ති ව්‍යාපෘතිය (Green Energy Project) මඟින් වාර්ෂිකව ඉන්ධන භාවිතයෙන් විදුලිය ජනනය කිරීම සඳහා දැරීමට සිදුවන පිරිවැය සැලකිය යුතු මුදල් ප්‍රමාණයකින් අවම කර ගැනීමට හැකිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *