පොල් මිල ගණන් ඉහළ යාමත් සමග දේවාල සහ කෝවිල්වලදී බැතිමතුන් විසින් සිය බාරහාර සඳහා පොල් ගැසීමත් අඩුවී ඇතැයි පැවසේ.
පොල් ගෙඩියක මිල මේ වනවිට රුපියල් 130ත් 180ත් 200න් මිලක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඇතැම් සුප්‍රසිද්ධ දේවාල සහ කෝවිල්වලට බැතිමතුන් දිනකට පොල් ගෙඩි 200ත් 300ත් අතර ප්‍රමාණයක් රැගෙන විත් සිය බාරහාර කරන බව පැවසේ.
පොල් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් දේවාල සහ කෝවිල් ආශ්‍රිත වෙළෙඳසල්වල පොල් ගෙඩි සහිත පූජා වට්ටිවල මිල ගණන්ද වැඩිකර ඇතැයි තොරතුරු අනාවරණය වේ.
මෙලෙස පොල් මිල ඉහළ යාම නිසා දේවාලවල බාරහාර ඔප්පු කිරීමට බැතිමතුන් දේවාල සහ කෝවිල්වලට රැගෙන යන පොල් ප්‍රමාණය ඉතා අඩුවී ඇති අතර, බැතිමතුන් රැගෙන යන පොල් බාරහාරවලින් පසුව පොල් කැබලි නැවත ඔවුන් රැගෙන යන බවද අනාවරණය වේ.
එමෙන්ම පොල් ගෙඩියක මිල ඉහළ යාමත් සමග ඇතැම් වෙළෙඳසල්වල පොල් බෑය රුපියල් 80ක් 100 ක් වැනි මිලකට අලෙවි කෙරෙන්නේය.
asianewsplusone.com sfmnewslk.com

