ශානිට, රවිට පාස්කු ගැන විමර්ශණයට ඉඩ දිය යුතුයි – රන්ජන්2024 ඔක්‍තෝබර් 28asianewsplusone.com sfmnewslk.com

ජනාධිපතිවරයාට මෙන්ම ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන පිරිසට පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් සාධාරණ විමර්ශනයක් කිරීමට ඉඩ ලබාදීම මේ මොහොතේ කල යුතු යයි යැයි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රංජන් රාමනායක මහතා පවසයි.

ඇතැම් පිරිස් මේ වන විට නින්දෙන් අවදිවී පාස්කු ප්‍රහාරය පිළිබඳ පරණ වාර්තා ඉදිරිපත් කරමින් කැපීපෙනීමට උත්සාහ ගනිමින් සිටින බවත් හෙතෙම කියයි.

එම පක්‍ෂ ක‍්‍රියාකාරීන් පිරිසක් හමුවේ ඒ මහතා මෙම අදහස් පල කලේය.

නව ආණ්ඩුව මේ ප්‍රහාරය ගැන හරි විමර්ශනයක් කරලා පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉෂ්ඨ කරලා චූදිතයන්ට උපරිම දඬුවම් ලබා දෙයි කියලා තමන් විශ්වාස කරන බවත් ඒ මහත එහිදී තව දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *