asianewsplusone.com sfmnewslk.com
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (ACMOA) නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
මෙහිදි සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම ඇතුළු වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ පවතින ගැටළු සම්බන්ධයෙන් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ නියෝජිතයින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරිමට කටයුතු කළා.
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් කුමාර, ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියා.
රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සහ මුඛ සෞඛ්‍ය සේවාව සෘජුවම මුහුණ දෙන ගැටළු පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරියව දැනුවත් කිරීමට රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය කටයුතු කළා.
මෙම අවස්ථාවට රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මංජුල හේරත්, ලේකම් වෛද්‍ය ලක්මිණ ඒකනායක යන මහත්වරුන් ඇතුළු රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
