ඔයා පැරදුණා නම් ගෙදරට වෙලා ඉන්න – කොණිත්තන්න එන්න එපා – අනුර රනිල්ට කියයි

asianewsplusone.com sfmnewslk.com

රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමේ ප්‍රතිපාදන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා කළ ප්‍රකාශය ජනාධිපති අනුර කුමාර දිසානායක විවේචනය කළේය.

ජනාධිපතිවරණයට පෙර රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සඳහා මුදල් වෙන් කළ බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබිණි.

ජනාධිපති අනුර දිසානායක සඳහන් කරන්නේ, රනිල් වික්‍රමසිංහගේ පාලනයෙන් එවැනි ප්‍රතිපාදන කිසිවක් වෙන්කර නොමැති බවයි.

“අද හිටපු ජනාධිපතිවරයා කියනවා ඔහු සල්ලි වෙන්කළා කියලා. හැබැයි කොතනකවත් ඔහු සල්ලි වෙන්කරලා නැහැ. අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරලා තියෙන්නේ. පැරදුණා නම් ගෙදරට වෙලා ඉන්න. එක එක කොණිත්තන වැඩ නොකර ඉන්න. කරුණාකරලා කියන්නේ. එතුමලා රට පාලනය කළා දීර්ඝ කාලයක්. දැන් ඉන්න. නමුත් උත්සාහ කරනවා කුමන හෝ ප්‍රබන්ධයක් අවලාදයක් හදාගෙන කෙසේ හෝ යළි බලය ලබාගැනීමට” යැයි ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාට පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *