අපි හොරකම් කළා නම් හිරේ දාන්න… නාමල්

asianewsplusone.com sfmnewslk.com

උගන්ඩාවට සහ සීෂෙල්ස්වලට රාජපක්ෂලා මුදල් යැවීම පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකොට සත්‍ය හෙළිදරව් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉල්ලයි.

ඕනෑම විදේශ රටක සිය දේපළක් ඇත්නම් සොයා දෙන ලෙස ඔහු ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා සිය උපරිම සහයෝගය හිමි වන බව ද ප්‍රකාශ කරයි.

එසේ හොරකම් කර ඇත්නම් නීති අනුව කටයුතු කර තමන් හිරේ දමන ලෙසත් නොඑසේ නම් ජනාධිපතිවණයට පෙර වර්තමාන ජනාධිපතිතුමා මේ රට බංකොලොත් කළේ රාජපක්ෂලා නොවේ යැයි කීවා සේ අදාළ චෝදනාවලින් තමන් නිදහස් කරන ලෙසත් හිටපු මන්ත්‍රීරයා ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *