2024 අප්‍රේල් 02,දිවයිනේ රෝහල් 10ක අද (02) දිනයේ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ඊයේ (01) කොලඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

එම සංකේත වැඩ වර්ජනය පැය 4ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ පෙරවරු 6.30ටයි.

ඒ අනුව හෙට වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ මෙම රෝහල්වලයි.

ශ්‍රී ලංකා ජාතික රෝහල,

කරාපිටිය ශික්ෂණ රෝහල,

යාපනය ශික්ෂණ රෝහල,

මඩකලපුව ශික්ෂණ රෝහල,

පේරාදෙණිය ශික්ෂණ රෝහල,

ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහල,

කෑගල්ල මහ රෝහල,

පොළොන්නරුව මහ රෝහල,

මන්නාරම මූලික රෝහල,

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල,

මේ අතර ඉදිරි පැය කහිපය ඇතුළත මෙම ගැටළුවට විසදුමක් නොලැබේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව සන්ධානය දන්වා සිටි බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු චානක ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කළා.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *