සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ආරක්ෂක අමාත්‍යංශය විසින් විශේෂ දැනුම්දීමක් කර ඇත.

නීතිවිරෝධී ලෙස රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙසත් මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් රුසියානු හමුදාවට එක්වන බවට තොරතුරු අනාවරණය වන අතර

රුසියානු හමුදාවට එක්වු මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් දෙදෙනා මියගොස් ඇති බවට මේ දක්වාත් තානාපති කාර්යාල හරහා මෙරටට දැනුම් දී නොමැති බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

මෙරට හමුදා සාමාජිකයින් රුසියාවේ සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරටේ කීර්තිනාමයට හානියක් එල්ල කරන බවද එම අමාත්‍යංශය සදහන් කරයි.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *