ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවයි

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඔහු විසින් ගොනුකර තිබූ අභියාචනයක් සළකාබැලීමට තීරණය කිරීමත් සමග අධිකරණය මෙම නියෝගය ලබාදී තිබෙන බව සඳහන්.

මීට පෙර ඔහුට එරෙහිව පවරා ඇති නඩු කටයුතු හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තවදුරටත් බන්ධනාගාරගතව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *