2024 ඔක්‍තෝබර් 13,
asianewsplusone.com sfmnewslk.com
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ද අමාත්‍යවරුන් වෙනුවෙන් අදාල අමාත්‍යාංශයෙන් ද පූර්ව අවසරයක් ලිඛිතව ලබාගත යුතු බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි දැනුම් දී තිබේ.
සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්,පළාත් ප්‍රධාන ලේකම්වරුන්,දෙපාර්තමේන්තු ප්‍රධානීන්,රජයේ සංස්ථා, මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ රජය සතු සමාගම් ප්‍රධානීන් වෙත අග්‍රාමාත්‍ය ලේකම්වරයා අදාළ දැනුම්දීම කර ඇත.
රජයේ ආයතන විසින් රජයේ අරමුදල් යොදාගනිමින් සංවිධානය කරනු ලබන විවිධ උත්සව, වැඩසටහන් ඇතුළු සියලු කාර්යයන් රජයේ ප්‍රතිපත්තීන්ට හා ඉදිරි දැක්මට අනුකූල වීමත්, ඒ සඳහා ප්‍රශස්ත රාජ්‍ය මූල්‍ය පරිහරණය කිරීමත් කෙරෙහි අවධානයට යොමු කරනු ලබන අතර, එසේ සංවිධානය කරනු ලබන කිසියම් කාර්යයකදී සමරු ඵලක, ස්මාරක, සමරු කලාප ඇතුළු සියලු මුද්‍රිත හා විද්‍යුත් ප්‍රකාශන සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප මෙන්ම පණිවුඩ යොදාගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ද අමාත්‍යවරුන් වෙනුවෙන් අදාළ අමාත්‍යාංශයෙන් ද පූර්ව අවසරයක් ලිඛිතව ලබාගත යුතු බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා කළ දැනුම් දීමෙහි වැඩිදුරටත් සඳහන් වේ.
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළකිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මීට පෙර උපදෙස් ලබාදුන්නේය.
පූර්ව අවසරයකින් තොරව අගමැතිවරියගේ සහ විජිත හේරත් ඇමතිවරයාගේ රුව සහිත තැපැල් මුද්දර නිකුත් කිරීම හේතුවෙන් පසුගියදා විශාල ආන්දෝලනයක් නිර්මාණය විය.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com
