2024 ඔක්‍තෝබර් 11,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මෙවර මහා මැතිවරණය සඳහා තරඟ නොකරන බව වාර්තා වෙයි.

ඒ අනුව ඔහු එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිතව තිබේ. මෙයට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔහු හම්බන්තොටින් නොව කුරුණෑගලින් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නාමල් රාජපක්ෂ ඡන්ද 342 781ක් ලබමින් සිව්වන ස්ථානයටපත්විය. එය සමස්ත ඡන්දවලින් 2.57%ක ප්‍රමාණයකි.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d

asianewsplusone.com

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *