asianewsplusone.com sfmnewslk.com

October 8, 2024

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විශේෂ කොමිසමේ වාර්තාවේ පිටු අස්ථානගත වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රජය විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඇමැති විජිත හේරත් අද ප්‍රකාශ කළේය.

එම පරීක්ෂණවල කරුණු නුදුරේදීම හෙළි කරන බවද ඇමැතිමණ්ඩල තීරණ දැනුම් දීමේ සතිපතා පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේය.

එම පිටු අස්ථානගත වූ ආකාරය සහ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවේ එහි පිටු සියල්ල එලෙසම තිබී ඇත්ද යන්න එම විමර්ශනවලින් සොයා ගැනීමට හැකිවනු ඇති බවද ඔහු පැවසීය.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d

asianewsplusone.com

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *