යන්ත වීරසූරියගේ පත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය


October 8, 2024

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබෙනවා.

පවතින නීතියට අනුව වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කර දින 14කට වඩා වැඩි කාලයක් පවතින්නේ නම්, ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගත යුතු වනවා.

ඉකුත් සැප්තැම්බර් මස 27 වනදා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත් කළා.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d

asianewsplusone.com

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *