පසුගිය අඟහරුවාදා (01) ඉරානය විසින් සිදුකළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පෙරළා පහර දෙන බවට ඊශ්‍රායලය දිව්රා ප්‍රකාශ කර තිබේ.

එල්ල කරන ලද ඉරාන මිසයිල 180කට අධික සංඛ්‍යාවකින් බහුතරය ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ගුවනේදී විනාශ කෙරිණි.

යම් හෙයකින්, ඉදිරි ආසන්න දිනයකදී ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර දක්වතොත්, එය කෙසේ සිදුවේ දැයි ලොවම විමසිල්ලෙනි.

ඊශ්‍රායලයේ මූලික අවධානය, ඉරාන බැලස්ටික් මිසයිල නිෂ්පාදනාගාර කෙරෙහිය. ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය සහ මිසයිල දියත් කෙරෙන ස්ථාන හා යුදෝපකරණ ද නිසැක ඉලක්කය. එරට නිෂ්පාදිත කෙටි දුර බැලස්ටික් මිසයිල, යුක්‍රේනයට පහර දීම පිණිස රුසියාවට සැපයීම පිළිබඳව, ඉරානය, එක්සත් ජනපදයේ ද උදහසට ලක්ව සිටී. අඟහරුවාදා ප්‍රහාරයට, ඉරානය වෙත ඊශ්‍රායල ප්‍රති-ප්‍රහාර එල්ල කෙරෙන්නේ නම්, ඊට සහාය දක්වන බව එක්සත් ජනපදය මීට පෙර ප්‍රකාශ කළේය.

එල්ල කරන ලද ඉරාන මිසයිල 180කට අධික සංඛ්‍යාවකින් බහුතරය ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ගුවනේදී විනාශ කෙරිණි.

ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් ද ඊශ්‍රායල ප්‍රති-ප්‍රහාරවල තවත් ඉලක්කයකි. ඒ වෙත ප්‍රහාර එල්ල කිරීම මගින්, ඉරානය තුළ න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය අඩපණ කිරීම ඊශ්‍රායලයේ අපේක්ෂාවයි. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන භූගතව ඉදිකර ඇති බවට සැක කෙරේ.

කෙසේවෙතත්, ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට පහර දීම බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන්නකි. එමගින්, ඉරානය තුළ න්‍යෂ්ටික අවියක් තැනීමේ ක්‍රියාවලිය තව දුරටත් ඉක්මන් වී, ඒ පිලිබඳ ඊශ්‍රායල නිර්ණය වැරදී යාමට ද පිළිවන. එබැවින්, එවන් ඉක්මන් ඉලක්කයක් මගින් ඉරාන න්‍යෂ්ටික මර්මස්ථාන විනාශ කිරීමට එක්සත් ජනපද සහාය ලැබෙතැයි විශ්වාස කිරීම උගහටය. එවන් ප්‍රයත්නයකට සහාය නොදක්වන බව එක්සත් ජනපදය විසින් දැනටමත් ප්‍රකාශ කර ඇත. ඉරානය, මේතාක්, තමන් සතුව න්‍යෂ්ටික අවියක් පවතින බවට හෝ එවැනි අවියක් නිෂ්පාදනයට සැලසුම් ඇති බවට වන සියලු ප්‍රචාර ප්‍රතික්ෂේප කරයි.

ඉරානය සතුව, 2003 තෙක් න්‍යෂ්ටික අවි නිෂ්පාදන වැඩසටහනක් පැවති බව, ඇමෙරිකානු බුද්ධි අංශ මීට ඉහත ප්‍රකාශ කළහ. 2015 දී ඔවුන්ගේ න්‍යෂ්ටික ගිවිසුම බිඳ වැටිණි. එහෙත්, එතැන් සිට ලත් ප්‍රගතිය මත, සති කිහිපයක් වැනි කෙටි කලක් තුළ, න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කිරීමට ප්‍රමාණවත්, අවි-ශ්‍රේණියේ යුරේනියම් වත්මන, ඉරානය
සති කිහිපයක් වැනි කෙටි කලක් තුළ, න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කිරීමට ප්‍රමාණවත්, අවි-ශ්‍රේණියේ යුරේනියම් වත්මන, ඉරානය සතුව පවතී.

ඉරානයේ පෙට්‍රෝලියම් නිෂ්පාදන කර්මාන්තය ද ඊශ්‍රායල ප්‍රති-ප්‍රහාරයක මීළඟ ඉලක්කය වීමට ඉඩ තිබේ. එවන් ප්‍රහාරයකට පිළිතුරු ලෙස, සෞදි අරාබියේ සහ අනෙකුත් ගල්ෆ් රටවල බොර තෙල් නිෂ්පාදන මධ්‍යස්ථාන වෙත පෙරළා පහර දීමට ඉරානය පසුබට නොවනු ඇත. එසේ වුවහොත්, ලෝක වෙළඳපොළ තෙල් මිල නොසිතු විරූ ලෙස ඉහළ යෑම කිසිවකුට වළකාලිය නොහැක.

ලද ප්‍රහාර වෙනුවෙන් හමුදා ප්‍රති-ප්‍රහාර දැක්වීමට ඊශ්‍රායලය පසුබට නොවේ. ඒ සඳහා ඇත්තේ වැඩි අවකාශයකි. එහෙත්, මෑත කාලීනව, ඊශ්‍රායලය විසින් ඉන් ඔබ්බෙහි සිදු කරන ලද බුද්ධි ක්‍රියාන්විත පිලිබඳ සලකා බලන කල, ඉරානයට තවත් සයිබර් ප්‍රහාරයක් මගින් ප්‍රති-ප්‍රහාර එල්ල කිරීමේ සම්භාවිතාවද නිෂ්ප්‍රභ නොවේ.

ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්

ඉරාන ආර්ථිකය වෙත පහර දීමේ සැලසුම්ද නැතුවා විය නොහැක. ඉරානයට ආර්ථික සම්බාධක පනවන බව ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් නොබෝ දා පැවසීය. වොෂින්ටනය, මීට ඉහත සිට ඉරානය සමග සියලු වෙළඳ සබඳතා නවතා දමා ඇති අතර, එක්සත් ජනපදය තුළ පවතින සියලු ඉරාන වත්කම් තහනම් කර තිබේ. ඉරානය වෙත එක්සත් ජනපද විදේශාධාර සහ අවි ගනුදෙනු ද තහනම් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *