මට දීපු වාහනේ හැමදාම කැඩෙනවා ABS ඒක පුපුරලා, තෙල් පාර දිගේ ගියා” – ඩයනාට ලැබුණු LANDCRUISER V8 එක ගැන කතා කරයි


2024 ඔක්‍තෝබර් 04,

asianewsplusone.com sfmnewslk.com

රාජ්‍ය ඇමතිවරියක් ලෙස කටයුතු කරද්දී ජනාධිපති කාර්යාලයෙන් තමන්ට ලබාදී තිබූ වාහනය විශාල වශයෙන් අබලන් වූ වාහනයක් බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

තමන් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරද්දී විවිධ ආකාරයේ බාධා කිරීම සිදුවූ බවත් ඇය පවසන්නීය.

තමන්ට ලබා දුන් වාහන පවා නිතර මඟ කැඩෙන ඒවා බවත් ඇතැම් වාහන පාර දිගේ තෙල් හැලුන ඒවා බවත් කිරිංග පද්ධතියට අක්‍රීය වී තිබූ ඒවා බවත් ඇය සඳහන් කරයි.

එම වාහන බාරදුන් පසු අදාළ නිලධාරීන් ගරාජ්‍වල ඒවා නවත්වා කෝටි ගණන් මුදල් වංචා කළ බවද ඇය චෝදනා කරයි.

රුපියල් දස දහසක වියදමින් හදා ගැනීමට තිබූ වාහනයට දස ලක්ෂයක බිල් දමා තිබූ අවස්ථාද තමන්ට සාක්ෂි ඇතැයි ද ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *