අද මධ්‍යම රාත්‍රියේ සිට කොත්තු, රයිස් මිල රුපියල් 40කින් අඩු කෙරේ


September 29, 2024

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එමෙන්ම, බිත්තර රෝල් සහ බිත්තර ආප්පයක් රුපියල් 20කින් පහත දමා ඇති අතර බිත්තර රොටියක මිල රුපියල් 30කින් පහත දමා තිබෙනවා.

සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් අද (29) දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මෙම සහනය ජනතාව වෙත ලබා නොදෙන කළු කඩ ව්‍යාපාරිකයින්ට දඩුවම් ලබා දෙන ලෙසයි.

පසු ගියදා බිත්තර වල මිල අඩු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *