බිත්තර මිල අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිල අඩුකළ නොහැකියි – බේකරි හිමියන්ගෙන් නිවේදනයක්


September 29, 2024

බිත්තර මිල පහළ දැමුනද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් එලෙස පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කරනු ලබන්නේ තිරිඟු පිටි මිල ගණන් වෙනස් වුවහොත් පමණක් බවයි එහි සභාපති එන්. කේ ජයවර්ධන සඳහන් කළේ.

තිරිඟු පිටි සහ මාගරින් මිල පහළ දමන්නේ නම් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *