පාර්ලිමේන්තුව අද රාත්‍රියේ විසුරුවා හැරේ ?

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

නව රජයේ කැබිනට් මණ්ඩලය පත්කිරීමද අද(24) සිදු කෙරේ. නව රජයේ අගමැතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කිරීමට නියමිතය.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස් වූ පුරප්පාඩුවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ පත් කෙරුණු අතර ඔහු පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට පෙර කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නීතිමය වශයෙන් බාධාවක් නැතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය බොහෝ දුරට අද මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ නිකුත් වනු ඇතැයි විශ්වාස කෙරේ. පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවන දිනය යනාදී කරුණු එම ගැසට් නිවේදනයට ඇතුළත් කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *