September 24, 2024
පළාත් කිහිපයක ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මේ බව ප්‍රකාශ කර ඇත.
මෙලෙස ඉල්ලා අස්වී ඇති ආණ්ඩුකාරවරුන් වන්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක සහ ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ යන පිරිසයි.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස්ගේ මාධ්‍ය අංශය පැවසුවේ ඇය ද සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.
ආණ්ඩුකාරවරුන් මෙම තීරණයට එළඹ ඇත්තේ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුවය.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com
