September 24,2024

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුත් පාලනයක ප්‍රමුඛතාවක් ලෙස පවතින බව ජාතික ජන බලවේගයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති පැවැසීය.

අනුර දිසානායක මහතා ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස පරාජය කිරීමෙන් දිනකට පසු ඊයේ ජනමාධ්‍යවේදීන් අමතමින් හඳුන්නෙත්ති පැවැසුවේ “අද ඔබ මේ රටේ අවසන් විධායක ජනාධිපතිවරයා පත්කර තිබෙනවා” යනුවෙනි.

“තවදුරටත් විධායක ජනාධිපතිවරු බිහිවෙන්නේ නැහැ. ඒ සඳහා මහජනතාවගේ සහයෝගය අපට අවශ්‍යයි.”

දේශපාලකයන්ට පිරිනැමෙන වරප්‍රසාද විශාල වශයෙන් කපාහැරීමක් ගැන ද ඔහු ඉඟිකළේය.

“ජනතාවට අනවශ්‍ය දේ දේශපාලනඥයන්ට අවශ්‍ය නොවන බවට අපි ජනතාවට දුන් පොරොන්දුවක් තිබෙනවා,” ඔහු පැවැසීය.

“අපි ඒ පොරොන්දුව රකිනවා” යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *