2024 සැප්‍තැම්‍බර් 22,
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය තුළ 09/21 දින රාත්‍රී 06.00 පමණ පැයේ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව යොදවා දැඩි ලෙස ආරක්ෂාව තර කර තිබීම දක්නට ලැබුණි .
එම තත්වය පසුගිය අරගලය පැවති සමයේ සාමාන්‍ය වැසියන් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ රැස් වී ගුවන් තොටුපොළ ඔස්සේ පිටව යාමට පැමිණෙන දේශපාලන ප්‍රභූවරුන් පිළිබඳ සොයා බැලීමට කටයුතු කිරීම වැලැක්වීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව රැස් කර තිබූ ආකාරය සිහිපත් කරවීමට සමත් වී තිබේ .
එසේම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ මේ වනවිට ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රභූවරුන් රාශියක් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් තිබේ .
ඒ අනුව 09/21 දින සවස 02.25 ට හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 272 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබේ .
එමෙන්ම 09/21 දින රාත්‍රී 11.15 ට හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 141 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ .
එසේම ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් 09/22 දින අලුයම 12.50ගුවන් තොටුපොළ අවට විශේෂ ආරක්ෂාවක් ට හොංකොං බලා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 610 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ .
එමෙන්ම ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ මහත්මිය සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ මහතා 09/22 දින අලුයම 03.30 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ සිට ඇමෙරිකාව බලා ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන නිසා ඔවුන් ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යන්නට ඇතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com
