රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙකුගේ මැතිවරණ රාජකාරි තහනම්


September 20, 2024

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙකුගේ මැතිවරණ රාජකාරි තහනම් කර තිබේ.

ඒ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතුවල නිරත වූ බවට පැමිණිලි ලැබීම හේතුවෙනි.

එම පිරිස් අතර ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා මහජන පරික්ෂකරුන්ද සිටින බවයි හම්බන්තොට දිස්ත්‍රීක් තේරිම්භාර නිලධාරී එම්.පී. සුමනසේකර මහතා සඳහන් කළේ.

තවත් රාජ්‍ය නිලධාරීන් දස දෙනෙකු පිළිබඳව ද පැමිණිලි ලැබී ඇති අතර ඔවුන් පිළිබඳව ද මැතිවරණ කොමිසම දැනුවත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කළේය.

මේ අතර මැතිවරණ රාජකාරිවල නිරත රාජ්‍ය නිලධාරින් කිසිවකුටත් විශේෂ සැලකිල්ලක් නොදක්වමින් අපක්ෂපාතිව ක්‍රියා කරනු ඇතැයි අපෙක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ‍ රාජ්‍ය නිලධාරීන් ඡන්ද දායකයින් හා අපෙක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ බලයලත් නියෝජිතයින් සමග ද සුහද සබදතාවයකන් ක්‍රියාකළ යුතු බවයි.

තම කාර්යයභාරය අතිශය සුපරික්ෂාකාරිව කළ යුතු බව පෙන්වා දෙන මැතිවරණ කොමිසම ජනාධිපතිවරණ රාජකාරිවල නිරත රාජ්‍ය නිලධාරින්ට අවධාරණය කරන්නේ නිදහස් හා සාධාරණ වාතාවරණයක් තුළ හෘද සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කිරිමේ හැකිවක් පවතින බව ජනතාවට එත්තු ගැන්විය යුතු බවයි.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *