මැතිවරණ කොමිසමෙන් ජනතාවට විශේෂ දැනුම්දිමක්

asianewsplusone.com sfmnewslk.com

2024 ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඡන්දය සලකුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කළේය.

“කිසියම් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ, අපේක්ෂකයාගේ නම හා සලකුණට ඉදිරියෙන් ඇති කොටුවේ 1 ඉලක්කම සටහන් කිරීමෙනි. එසේම කිසියම් අපේක්ෂකයෙකුට මනාප සලකුණු කිරීමට අපේක්ෂා කරන්නේ නම්, දෙවන මනාපය 2 ඉලක්කම සටහන් කිරීමෙන් ද, තුන්වන මනාපය 3 ඉලක්කම සටහන් කිරීමෙන් ද ලබාදෙන්න පුළුවන්.

මේ 1 ඉලක්කම වෙනුවට යම්කිසි අයෙක් X සලකුණ යොදන්න අදහස් කරන්නේ නම්, ඒ ඡන්දයත් මේ ඡන්ද විමසීමේ දී වලංගු ඡන්දයක් විදියට පිළිගන්නවා.

ඡන්දය X සලකුණෙන් ලබාදුන් පසුව මනාප ලකුණු කිරීමට හැකියාවක් නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *