September 7, 2024
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබේ.
මහානාම විසින් නීති විරෝධී ලෙස උපයා ගත් බවට සැකකෙරෙන දේපළ හා ධනය සම්බන්ධ ඇති සැකය හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදුකරමින් සිටී.
මහානාමගේ අයථා ලෙස උපයාගත් දේපළ විවිධ පුද්ගලයන්ගේ නම්වලින් ලියාපදිංචි කර ඇති බව පවසමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අනුරාධපුර කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදු කෙරේ.
මහානාම සහ පැමිණිලිකරුවන් සම්බන්ධයෙන් මීට පෙර සිදුවූ වැරදි සමාලෝචනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම, වංචා විමර්ශන ඒකකය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රේගුව ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන 11කින් වාර්තා ඉල්ලා ඇත අතර
සාක්ෂි විමසා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර තිබේ.
එතෙක් හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

