නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙක් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මහාධිකරණ විනිසුරුවරුන් වන කේ. එම්. ජී. එච්. කුලතුංග, ඩී. තොටවත්ත සහ ආර්.ඒ. රණරාජා යන මහත්වරු සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී. ගොපල්ලව මහතා මෙලෙස නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය ප්‍රකාරව 2024 සැප්තැම්බර් 6 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම් සිදු කර ඇත.
මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුර විදානගමගේ මහතා පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
ඒ මහතා ද අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දුන්නේය.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

