රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ලබාදී අවසන්

උදය ආර්. සෙනෙවිරත්න කමිටු වාර්තාව පදනම් කරගෙන රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වර්ධකය 2025 අය-වැය ලේඛනයට ඇතුළත් කිරීම සඳහා ලබාදුන් නිර්දේශ මේ වන විට මහා භාණ්ඩාගාරය මඟින් සකස් කරගෙන යනු ලබන 2025 අය-වැය ලේඛනයට අන්තර්ගත කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා බොරලැස්ගමුව පැවති ජනහමුවකදී පැවසීය.

මෙම අසාමාන්‍ය රාජ්‍ය සේවක වැටුප් වර්ධකයට වෙන් කළ මුදල් ප්‍රමාණය පිළිබඳ දත්ත ලබන මාසයේදී මුද්‍රණය කර නිකුත් කෙරෙන අය-වැය ඇස්තමේන්තුවෙන් දැක බලාගත හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

එම නිසා පොරොන්දු දේශපාලනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල රාජ්‍ය සේවක වැටුප් වැඩවීම ගැන සඳහන් කාරණා වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ඒ බව සඳහන් කළ විපක්ෂ දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *