මැතිවරණ නීති කඩමින් පෝස්ටර් ඇලවූ දෙන්නෙක්ට උසාවියෙන් දඩ

August 26, 2024

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පක්ෂ නායක සහ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට සහාය පළකරමින් පෝස්ටර් ඇලවූ ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් දෙදෙනකුට දඩ නියම කර තිබේ.

පොලිසිය පැවසුවේ, කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ නායකයාගේ මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

සැකකරුවන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ රුපියල් 1500 බැගින් දඩ නියම කළේය.

සැකකරුවන් චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු විනිසුරුවරයා මෙලෙස දඩ නියම කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *