පළාත් පාලන මැතිවරණය කල්දැමීම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව පිළිගන්නා බවද
ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකරන්නේ, 2023 පළාත් පාලන මැතිවරණය කල්දැමීම හරහා ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස සහ එවකට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ලබාදුන් තීන්දුවෙන් අනතුරුවය.

ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ජීවත්වීමේ අයිතිය යන දෙකටම තමන් ගරු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ, ඊයේ (22) පස්වරුවේ මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවැති නව ජනතා පෙරමුණේ ජාතික සමුළුව අමතමිනි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා කාලය කැපකළේ නම් ආර්ථික ස්ථාවරත්වය ළඟාකර ගැනීමට නොහැකි වන බවද ඔහු එහිදී පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *