
August 21, 2024
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකමහතා අද (21) පෙරවරුවේ ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා ප්‍රධාන කාර්යාලයේදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ ප්‍රධානී ගරු අස් සේහ් මුෆ්ති ඒ.ජේ.ඒ. රිස්වි, ගරු අස් සේහ් අර්කම් නුරඅමිත්තුමා සහ ආචාර්ය ඒ.ඒ. අහමඩ් අස්වර්තුමා හමුවිය.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මුෆ්තිතුමන්ලා හා පාලක මව්ලවිතුමන්ලා සමග ජාජබ නායකයා සාකච්ඡා කර ඇති අතර, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්ද අනුර කුමාර දිසානායක ආගමික නායකයන්ගෙන් ආශීර්වාද ලබාගෙන ඇත.
මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතාද සහබාගි විය
asianewsplusone.com sfmnewslk.com
