STF නිලධාරියෙක් පැදවූ ජීප් එකට යටවී දෙදෙනෙක්ට බරපතලයි

පොලිස් විශේෂ කාර්‍ය බලකායට(STF) අනුයුක්ත Mahindra Scorpio වර්ගයේ රථයක් අනතුරට ලක්ව තිබේ.

නාරම්මල කටුපොත මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත්තේ බීමත් නිලධාරියාට වාහනයේ වේගය පාලනය කරගැනීමට නොහැකිවූ නිසා බව පැවැසේ.

වේගයත් සමග රථය පාලනය කරගැනීමට නොහැකිව තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරුව මාර්ගයේ පසෙක සිටි පුද්ගලයින් දෙදෙනකුගේද ගැටීගෙන මාර්ගයෙන් ඉවතට පැන නතරවී තිබේ.

ඊයේ (20) රාත්‍රී 12.45 ට පමණ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *