අනුර කුමාර දිසානායක රාමඤ්ඤ මහ නිකායේ මහනායක හිමියන් හමුවෙයි


asianewsplusone.com sfmnewslk.com

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (16) පෙරවරුවේ මීරිගම කඳන්ගමුව ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරස්ථානයේදී රාමඤ්ඤ මහ නිකායේ මහනායක පූජ්‍ය මකුලෑවේ විමල නාහිමි හමුවිය.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක සහෝදරයා, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තේය.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *