ලංකාවේ නායකත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතු බව ජනාධිපතික අපේක්ෂක ඒ.එස්. පී. ලියනගේ මහතා පවසනවා.

asianewsplusone.com sfmnewslk.com

අද (15) නාමයෝජනා පත්‍ර ලබාදීමෙන් අනතුරුව ASP ලියනග් මහතා මාධ්‍යට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකාවේ ජනතාව වසර 75ක් දූෂිතයන්ට රැවටී සිටින බවත් මෙම මැතිවරණයේදී ආණ්ඩුවට දූෂිතයන් සියලුම දෙනා එකතු වී ඇති බවත් ඔහු සඳහන් කලා.

මෙවර අනුර කුමාර හෝ සජිත් ජයග්‍රහණය කරනු ඇති බවත් එම දෙපළගෙන් කවුරු ජයග්‍රහණය කලද ප්‍රශ්නයක් නොමැති බවත් ඔහු කියා සිටියා.

එමෙන්ම සිරිකොත පක්ෂ මූලස්ථානයට මුදල් වියදම් කළේ තමන් බවත් ඔහු එහිදී පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ.එස්. පී. ලියනගේ මහතා :

” නියත වශයෙන්ම පවතින රජය මාරු වෙනවා. මේ පාරත් අපි රැවටුනොත් ජීවිතේම ඉවරයි. ඒ නිසා ඒ ජරා වලට රට ආයේ පාරක් වට්ටන්න දෙන්න එපා. සජිත් හො අනුර කුමාර ආවොත් හොඳයි කියලා එ මහතා පැවසුවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *