පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නම් කරමින්, ජනතාවගේ වෛරය හා කෝපය ප්‍රජාතන්ත්‍රවාදීව පළකිරීමට

අවස්ථාව ලබාදීම පිළිබඳව එක්සත් ජනරජ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ වෙත ස්තුතිය පළකර සිටියි.

”අපි සතුටු වෙන්න ඕනේ පොහොට්ටුව ලකුණෙන් එන, නාමල් රාජපක්ෂ මහත්තයාව බින්දුවට වට්ටලා, අපේ වෛරයයි, කෝපයයි ප්‍රජාතන්ත්‍රවාදීව පළකරන්න මහින්ද රාජපක්ෂ අපිට අවස්ථාවක් දීම ගැන. විස්සයි විසි දෙක මැයි නවය, ජූලි නවය ඉගෙන නොගත්ත පාඩම ලබන සැප්තැම්බර් විසි එක්වෙනිදට මහින්ද රාජපක්ෂට උගන්නන්න අධිෂ්ඨාන කර ගමු කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.” යයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක පැවසිය.

මේම ජනහමුව එක්සත් ජනරජ පෙරමුණේ මුහුදුබඩ කලාප නායක කැස්බෑව ආසන සම්බන්ධීකාරක සුනිමල් ජනරංජන පෙරේරාගේ මුලිකත්වයෙන් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායකයන් බොහෝ පිරිසක් සහභාගි වූහ.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *