asianewsplusone.com sfmnewslk.com
නොහැකියාව අදක්ෂකම නිසා රටට අවාසිදායක ගිවිසුම්වලට අත්සන් කළ නායකයන් රටට ගෝනි බිල්ලන් මවන බවත් මේ යන විදිහ ක්‍රියාත්මක නොවුවහොත් රට අනතුරේ පෝලිම් යුගයක් ඇති වන බව පවසන බවත් මේ පොලිම් යුගය නැති වුනේ ආර්ථික සංකෝචනය නිසා බවත් ආර්ථික වර්ධනය හිතාමතාම පළුදු කළ නිසා බවත් මෙවැනි තත්ත්වයක් තුළ ආර්ථිකය කුඩා කර ජනතාව අසහනයට පීඩනයට ලක් කිරීම හරහා පෝලිම් නැති කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පොලිම් නැති කළ යුත්තේ හොද ජන ජීවිතයක් ලබා දීම හරහා බවත් GAT, WTO, වැනි ක්‍රමවේද හා මූල්‍ය ආයතන සමග කටයුතු කළ යුතු බවත් ඒ ආයතන එක්ක දුර්වල ගිවිසුම් නොගැසිය යුතු බවත් සිදු කරන ප්‍රතිසංස්කරණ හරහා ජනතාව මත පටවන පීඩනය අසහනය දුක කදුල වෙදනාව අවම කළ යුතු බවත් රටේ පැත්තෙන් ජනතාවගේ පැත්තෙන් ගිවිසුම් ගත විය යුත්තේ එසේ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
තමා IMF ප්‍රධානීන් හමු වූ අවස්ථාවේ මේ ගැන පැවසූ බවත් මේ අවිධිමත් ගිවිසුම නිසා ජන ජීවිත විනාශ වී ජනතාව අතේ මුදල් නොමැති බවත් ආයෝජනය පාරිභෝජනය අපනයනය නැති වී ඇති බවත් රජයට මේවා කරන්න බැරි වුවත් සමගි ජන බලවේගය සතුව සුහුරු කණ්ඩායමක් සිටින බවත් මේ දක්ෂ සුහුරු කණ්ඩායම සමග එක්ව රට දිනවන ගිවිසුමකට යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ
11 /8/2024 මොනරාගල පැවැති භික්ෂු උපදේශක සභාව අමතමිනි.

