අම්පාරේ වෙඩිතැබිම් නිසා සිව්දෙනෙක් ජීවිතක්ෂයට

asianewsplusone.com sfmnewslk.com

අම්පාර, නාමල් ඔය ප්‍රදේශයේ පුද්ගලයින් හතර දෙනෙකු වෙඩි තැබිම්වලින් මියගොස් තිබෙන බවට පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් තිබෙන්නේ පොලිස් නිළධාරින් දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

මින් එක් පොලිස් නිලධාරියෙකුට කිසියම් අයෙකු අද (04) අලුයම ඔහුගේ නිවසට පැමිණ සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබෙන අතර මෙලෙස ඝාතනය කර ඇත්තේ 33 හැවිරිදි පොලිස් නිලධාරියෙක්.

ඉඟිනියාගල පොලිස් වසමේ අම්පාර, නාමල් ඔය ප්‍රදේශයේ සිය නිවසේදී මෙම ඝාතනය සිදු කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

මේ අතර කරාඬුගල, පොලිසියේ තවත් නිලධාරියෙක් අද අලුයම පොලිසිය තුළදී වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙන අතර ඔහු 42 හැවිරිදි අයෙකු බව සඳහන්.

එමෙන්ම අම්පාර ප්‍රදේශයේම සිදුවු වෙඩි තැබීමකින් තවත් කාන්තාවන් දෙදෙනෙකු ද නිවසේ මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 17 සහ 54 යන වයස් කාණ්ඩවල පසු වූ කාන්තාවන් දෙදෙනෙක්.

මෙම සිදුවීම අද (04) අලුයම 2.00ට පමණ සිදුවී ඇති බව සඳහන්.

අදාළ සිදුවීම් තුන එකිනෙක සම්බන්ධ දැයි පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *