asianewsplusone.com
sfmnewslk.com
මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පේරාදෙණිය විශ්වවිද්යාලයේ 23 වන උපකුලපතිවරයා වේ. ඒ මහතා උපකුලපති ධුරයට පත් කිරීමට පෙර පේරාදෙණිය විශ්වවිද්යාලයේ නියෝජ්ය උපකුලපතිවරයා ලෙස කටයුතු කළේය.
ටෙරන්ස් මධුජිත් මහතා පේරාදෙණිය විශ්වවිද්යාලයේ කෘෂිකර්ම පීඨයේ ආහාර විද්යා හා තාක්ෂණ දෙපාර්තුමෙන්තුවේ මහාචාර්යවරයකු වන අතර ඒ මහතා 1997 වසරේ සහාය කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක්වී වසර 25කට ආසන්න කාලයක් එම දෙපාර්තුමෙන්තුවේ සේවය කර ඇති අතර විශ්වවිද්යාල පර්යේෂණ කමිටුවේ අධ්යක්ෂකවරයෙකු දුරස්ථ හා අඛණ්ඩ අධ්යයන කේන්ද්රෙය් අධ්යක්ෂකවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.
ඒ මහතා එක්සත් ජනපදයේ ජෝජියා විශ්වවිද්යාලයේ ආචාර්ය උපාධිය හදාරා ඇති අතර ආහාර විද්යා හා තාක්ෂණය සම්බන්ධයෙන් පර්යේෂණ පත්රිකා රාශියක් එළිදක්වා ඇති ආහාර විද්යා හා තාක්ෂණ විෂය පිළිබඳව බුද්ධිමතෙකි
මෙතුමාට අගේ සුභ පැතුම්🙏
sfm news
asia news +1

