July 28,2024
උතුරේ දේශපාලන පක්ෂ ගණනාවක් එක්වී ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජිත අපේක්ෂකත්වය සඳහා පළාතේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් තිදෙනකුගේ නම් යෝජනා වී ඇතැයි දේශය වාර්තා කරයි.
මෙම නාමයෝජනා වන්නේ උතුරේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, ප්ලොට් නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. සිද්ධාර්ථන් සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේෂ්වරන්ය.
මෙයින් සුදුසු අපේක්ෂකයන් ඉදිරි සති දෙක තුළ තෝරාගැනෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

