asianewsplusone.com sfmnewslk.com
රජය අළුතින් හඳුන්වා දෙන අඩු පොලී ණය ගන්න සැලකිය යුතු පිරිසකට වරම් අහිමි වෙයි!
බැංකු සමඟ ගනුදෙනු කරන බොහෝ දෙනෙකු CRIB එකේ!
මෙ ගැන එම ආයතනයේ වෙබ් අඩවිය සදහන් කරන්නේ මෙහෙමයි
“CRIB, ශ්‍රී ලංකා ණය කාර්යාංශය තොරතුරු සේවා සපයන්නෙකු වන අතර, කාර්යාංශයේ කොටස්කරුවන් ද වන නියාමනය කරන ලද බලපත්‍රලාභී ණය දෙන ආයතනවලින් ණය සම්බන්ධ තොරතුරු පමණක් රැස් කිරීමට නීතියෙන් නියම කර ඇත.
ශ්‍රී ලංකාවේ ණය තොරතුරු කාර්යාංශය පිහිටුවීම සඳහා ලබා දෙන පනතක්, ණය ලබා දෙන ආයතන සහ VICHOR ආයතනවලින් ණය ගැනුම්කරුවන්ට අදාළ ණය තොරතුරු රැස් කිරීම කාර්යාංශයේ කොටස් හිමියන්ට සහ එකවර ඕනෑම ණය ගැතියෙකුට හෝ අනාගත ණය ගැනුම්කරුවෙකුට ආර්ථිකයේ සියලුම අංශවලට සහ අවිධිමත් අංශයට, විශේෂයෙන් ණය බෙදා හැරීමට පහසුකම් සැලසීමේ දැක්මක් සමඟ එවැනි තොරතුරු සම්බන්ධ වන්නේ කාටද; සහ ඒ හා සම්බන්ධ හෝ ඒ හා සම්බන්ධ කරුණු සඳහා. එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් පහත පරිදි පනවනු ලැබේ.”
“ඔයා crib එකේ ඉන්නේ ඒ නිසා ණයක් ගන්න බැහැ” ණය වාරිකයක් දෙකක් නොගෙවීම මත යම් පුද්ගලයෙකුට මුළු ජීවිත කාලයට ණය නොදී සිටීමට බැංකු වලට බලයක් ණය තොරතුරු කාර්‍යාංශයෙන් ලබා දී නොමැති වුවත් බොහෝ බැංකු කළමනාකරුවන් crib වාර්තා ඉදිරියට දමා ජනතාවට ණය නොදී සිටීමට කටයුතු කිරීම හේතුවෙන් මෙරට රජයේ සහනාධාර මත නොයැපෙන ජනතාවගේ ආර්ථිකයට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙන බව මේ වන විට හෙළිවී තිබේ.
මෙරට ව්‍යවසායකයින්ට හා කර්මාන්ත කරුවන්ට මෙන්ම නිවාස ඉදිකරන මධ්‍යම පන්තියේ ජනතාවට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය විසින් ජනතාවට මූල්‍ය සහන ලබාදීම සඳහා විවිධ ණය පහසුකම් පැකේජයන් හදුන්වා දුන්නද එම ණය පහසුකම් බැංකු මගින් ලබා ගැනීමේදී තමන් දැඩි දුෂ්කරතාවකට පත්වන බවට ජනතාව චෝදනා කරන්නේ මෙවැනි පසුබිමකය.
බොහෝ බැංකු කළමනාකරුවන් විසින් එවැනි චක්‍ර ලේඛන මහ බැංකුව තම බැංකු වෙත එවා නොමැති බව පවසා ගනුදෙනු කරුවන් ආපසු හරවා යැවීමට පියවර ගන්නා බවයි ජනතාව චෝදනා කරන්නේ.පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ ජනතාවට රජය විසින් අවස්ථා කිහිපයකදී ලබා දුන් ණය සහන බොහෝ බැංකු හා මූල්‍ය ආයතන විසින් ජනතාවට නිසි ලෙස ලබා දී නොමැති බව හෙළි වී ඇති අතර ණය සහනය තවත් ණයක් ලෙස බැංකු ගණන් හැදීමත් එම මුදල ගෙවීමට ප්‍රමාණවත් සහන ලබා නොදීමත් හේතුවෙන් බැංකු සමග ණය ගණුදෙනු සිදු කළ බොහෝ පිරිසක් කබලෙන් ලිපට වැටී තිබෙන බව අප මේ පිළිබඳව කළ සොයා බැලීමකදී හෙළි විය.
පසුගිය කාලයේ රට තුල තිබූ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ මෙරට බැංකු පද්ධතිය සමඟ ගනුදෙනු කළ බොහෝ පිරිසක් ණය අසාදු ලේඛන crib ගත කර ඇති බැවින් යම් ණය මුදලක් අපේක්ෂා කරන පුද්ගලයෙකුට බැංකුව ඉල්ලන ඇප කරුවන් ලබාදීමට නොහැකි වී ඇති අතර ඊට හේතුව ඔවුන්ද අසාදු ලේඛන ගත කර සිටීමයි.බැංකු සමග ගනුදෙනු කළ මෙරට රාජ්‍ය සේවකයින්,පුද්ගලික අංශයේ සේවකයින් ඇතුළු සියලු දෙනා ණය විධිමත් ලෙස නොගෙවීම නිසා හෝ ඇපයකට අත්සන් කිරීම නිසා අසාදු ලේඛන ගතවී සිටින බව හෙළිවී තිබේ .
මෙම තත්ත්වය හමුවේ ජනතාවට සහනදීම සඳහා රජය විසින් කුමන සාර්ථක ණය යෝජනා ක්‍රම හඳුන්වා දුන්නද ඉන් කිසිදු එලක් තමන්ට අත්වී නොමැති බවයි ජනතාව පෙන්වා දෙන්නේ.ආර්ථික වශයෙන් අසරණ වී සිටි ශ්‍රීලංකාවට යළි නැගිටීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා රටවල් ලබාදුන් සහාය රටට දැනෙන සහනයක් වුවත් මෙරට බැංකු හා මූල්‍ය ආයතන වලින් රටේ ජීවන් වන ජනතාවට කිසිදු සහනයක් ලබා දී නොමැති බවද ජනතාව පෙන්වා දෙති.ඇතැම් බැංකු කළමනාකරුවන් ණය මුදලක් අපේක්ෂාවෙන් බැංකුව වෙත යන ගනුදෙනු කරුවන් මුලුමනින්ම අධෙර්‍ය්මත් කරන බවද ආණ්ඩුව හදුන්වා දෙන ණය යෝජනා ක්‍රම එපා කරවන ලිපි ලේඛන ඇප කොන්දේසි ඉදිරිපත් කරන බවද රාජ්‍ය බැංකු වෙත හා පුද්ගලික බැංකු වෙත ණයක් අපේක්ෂාවෙන් ගිය ආපසු හැරී ඒමට සිදු වූ ජනතාව පවසන්නේ.
පසුගිය කාලයේ බොහෝ දේශපාලකයින්ට ඔවුන්ගේ හිතවතුන්ට රාජ්‍ය බැංකු මගින් ඉතා සහන පොලී පදනම් යටතේ කෝටි ගණනක් ණය ලබා දී ඇති අතර ඉන් බොහෝ ණය ලෙස කපා හැරීමට කටයුතු කළ පසුබිමක් යටතේ බැංකු පද්ධතිය පෝෂණය කරන සාමාන්‍ය ගනුදෙනු කරුවන් මෙසේ පීඩාවට පත් කිරීම අපරාධයක් බව පෙන්වා දෙන ඔවුන් රට පුරා ගම් නගර වල අඩක් වැඩ නිමවූ නිවාස දකින්නට සිදු වී ඇත්තේ රටේ බැංකු පද්ධතියේ පවතින දුර්වලතා නිසා බවද පවසති .
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය බැංකු වක උසස් නිළධාරියෙකු පැවැසුවේ ක්‍රිබ් එක තමන්ගේ ණය දීමේ කටයුතු වලදී ස්කෑන් යන්ත්‍රයක් ලෙස ක්‍රියාත්මක වන බැවින් බැංකු පද්ධතියේ යහ පැවැත්ම සඳහා මෙය අත්‍යවශ්‍ය වන බවයි.ණයක් ලබා ගෙන නියම ආකාරයට ගෙවා ගෙන යන ගනුදෙනු කරුවන් සම්බන්ධයෙන් බැංකු සාධාරණ ලෙස සලකා බලන බවද පිළිගත හැකි යම් සාධාරණ හේතුවක් මත යම් ගනුදෙනු කරුවෙකු ණය ගෙවීම අතපසු වී ඇත්නම් එම තත්ත්වය සලකා යළි ණය මුදලක් ලබා දීමට බැංකුව පියවර ගන්නා බවද එම නිළධාරින් පවසනවෙ
රටේ ජනතාව ක්‍රිබ් එකට වැටී තිබෙන්නේ බැංකු වල වරදක් නිසා නොවන බවද ඔවුන් ලබාගත් ණය නිසි පරිදි නොගෙවීම නිසා බවද පැවැසූ එම නිළධාරියා එම තත්ත්වයට සෘජුවම බලපා ඇත්තේ රටේ අයහපත් ආර්ථික තත්ත්වය බවද පැවැසීය .
https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

