July 5, 2024
asianewsplusone.com sfmnewslk.com
පිළියන්දල ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටළීමක් අතරතුරදී අණ නොතකා ධාවනය කළ වාහනයකට පොලිසිය වෙඩි තබා තිබේ.
වාර්තා වන පරිදි සැකකරු සිය මෝටර් රථය මෙම වැටළීම සඳහා පොලිස් නිලධාරීන් පැමිණි ත්‍රිරෝද රථයේ ගැටීමට සලස්වා ඇත.
සැකකරු පළා යාමට තැත්කිරීමේ දී පොලිස් නිලධාරීන් වෙඩි තැබීම සිදුකර තිබේ.
එම වෙඩි තැබීමෙන් සැකකරුගේ පාදයට තුවාල සිදුව ඇත.
තුවාල ලැබූ පාදයට ප්‍රතිකාර කිරීම සඳහා සැකකරු රෝහලට ඇතුළත් කිරීමට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අතුරුගිරිය පොලිසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් ඊයේ මෙම වැටළීම සිදුකර තිබිණි.
https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

